Wednesday, December 25, 2024

වෙනම පෞද්ගලික නීතීඥයෙක් සමග හවුල්කාර පක්ෂවල ඇමතිවරැන් ආණ්ඩුවට එරෙහිව සාක්‍ෂි දෙන්න යයි

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබාදීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල අමාත්‍යවරුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙක් ඉදිරිපත් කිරීමට එම පක්ෂ තීරණය කර ඇති බව වාර්තා වෙයි.

වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන ඇමතිවරුන් සඳහා ඒ අනුව වෙනම නීතීඥයෙක් පෙනී සිටිනු ඇත.ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නායකයන් පසුගියදා රැස්වී මෙම තීරණයට එළැඹ තිබේ.

අමාත්‍ය මණ්ඩලය වෙනුවෙන් නඩු පැවැරීමේදී නීතිපතිවරයා පෙනී සිටීම සාමාන්‍ය සම්ප්‍රදාය වන අතර අමාත්‍යවරුන් පිරිසක් වෙනුවෙන් වෙනත් නීතිඥවරයෙක් ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙය වෙයි.

මෙම තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් පසුගියදා රැස්ව කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

අමාත්‍ය මණ්ඩලයට එරෙහි නඩු පැවරීමේදී නීතිපතිවරයා පෙනී සිටීම සාමාන්‍ය ක්‍රමය වුවද අමාත්‍යවරුන් පිරිසක් වෙනුවෙන් වෙනත් නීතිඥයකු ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙයයි.

ආණ්ඩුව මෙම ගිවිසුම සම්බන්ධයෙන් දරන මතයට වඩා වෙනස් මතයක් මෙම ඇමතිවරුන් දැරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ඉදිරිපත් වී ඇති අතර ඉන් ඉල්ලා ඇත්තේ යුගදනවි බලාගාරය කොටස් ඇමරිකාවට පැවරීම හා ගෑස් ඒකාධිකාරය එම සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බල රහිත කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජයට අයිති කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවැරීම යුක්තිසහගත නොවන බව සඳහන් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩල සාමාජිකයන්, වෙස්ට්කොස්ට් පවර් ලිමිටඩ් හා එම සමාගමේ කොටස් පැවැරූ ඇමෙරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම හා නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles