වෙන්ටිලේටර් දෙදහසක්වත් සූදානම් කරන්න – රනිල්

0
333

කොරෝනා වෛරස් විකෘති ප්‍රභේද වලට ඉදිරියේදී ගොදුරු වෙතියි අපේක්ෂා කරන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අඩුම තරමින් ශ්වසන ආධාරක උපකරණ(ventilators) දෙදහසක්වත් ඉදිරියේදී සූදානම් කර ගැනීමට රජය ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පැවසීය.

2019 වසරේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයට පවා ඇතුළත් කළ වෙන්ටිලේටර් අවශ්‍යතාවය කොරෝනා ඇරැඹි මුල් අවස්ථාවේදීම යළිත් පෙන්වා දුන් බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අවස්ථාවේදී වත් රජය තමා පෙන්වා දුන් කරුණු ගැන සලකා බලා වෙන්ටිලේටර් නිෂ්පාදනයට පටන් ගත්තේ නම් මේ වන විට අහිමි වෙමින් පවතින ජීවිත බේරා ගැනීමට හැකි වන බව ද සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂ නායකයා මේ බව සඳහන් කළේ ඊයේ පෙරවරුවේ සුම් තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවති සාකච්ඡාවකදීය.ඔබේ ප්‍රතිචාරය 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here