Wednesday, January 1, 2025

වෙබ් අඩවිවලට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක්

ජාතික ආරක්ෂාවට, නීතියේ ආධිපත්‍යයට හානි කිරීමට හෝ අගෞරව කිරීමට කිසිදු පුද්ගලයකුට ඉඩ නොදෙන බවත් මාධ්‍ය අයිතිය වල්බූරු නිදහසක් බවට පත්කරගත් අයට එරෙහිව දඬුවම් ලබාදෙන බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(18) පැවසීය.

අධිකරණයට අගෞරව කළ නීතියේ ආධිපත්‍යයට බලපෑම් කළ ඇතැම් වෙබ් අඩවිවලට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කැර  දඬුවම් ලබාදෙන බව ද ඇමතිවරයා පැවසීය. පවුම් සියයක් ගිණුමට දමන්න යැයි කියමින් දැන්වීම් දමා ප‍්‍රවෘත්ති පළ කරන පුද්ගලයන් මාධ්‍යවේදීන් නොව පුලන්නන් යැයි අධිකරණ ඇමතිවරයා පැවසූ අතර, ලන්ඩනයේ නොව ලොව කොහේ සිටියත් දඬුවම් ලබාදෙන බව ද පැවසීය. එම වෙබ් අඩවිය සිදු කරන නීති විරෝධී ක‍්‍රියාවලට එරෙහිව කටයුතු කරන බව පැවසූ ඇමතිවරයා, ලෝකයටම පිළිගත හැකි පරිදි ස්වාධීන අධිකරණ පද්ධතියක් රට තුළ ක‍්‍රියාත්මක වන මොහොතේ අධිකරණයේ ස්වාධීනත්වයට හා විනිශ්චයකාරවරුන්ට අගෞරව කරන ආකාරයේ සිද්ධීන් 70ක් වාර්තා වන බව ද සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles