වෙළඳපොළට පැමිණි නවතම ජීප් රථය මෙන්න

0
399

30%ක දේශීය අගය එකතු කිරීමක් සහිතව පළමු වරට දේශීයව එකලැස් කරන ලද ජීප් රථයක් වෙළදපොළට හදුන්වා දීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා.

ඒ, මතුගම – වැලිපැන්නේ පිහිටි වාහන එකලැස් කිරීමේ අංගනයේදී යි.

එහිදී කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කළේ, සම්මත මෙහෙයුම් පටිපාටිය හෙවත් එස්.ඕ.පී. හදුන්වා දීමත් සමඟ මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බවයි.

මේඩි ඉන් ශ්‍රී ලංකා සන්නාමය සහිත වාහන මහ මඟ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට හැකියාවක් ඇති බවට විශ්වාසය පළ කරන බවයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ එහිදී වැඩිදුරටත් සදහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here