Sunday, September 22, 2024

වෙළෙඳ කලාපය එපා නම් යෝජනාවක් ගෙන්න

හම්බන්තොටඉදිකිරීමට නියමිත වෙළෙඳ කලාපය සඳහා ඉඩම් පවරාගැනීමට විරුද්ධව සහ හම්බන්තොට – මාගම්පුර වරාය, චීන සමාගමකට පැවරීමට පවතින සූදානම සම්බන්ධයෙන් අද (09දා) පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ අදහස් පළවීම හේතුවෙන්  පාර්ලිමේන්තුව උණුසුම් විය.

පසුගියදා හම්බන්තොට පැවැති විරෝධතාවට එල්ලවූ පහරදීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23 – 2 යටතේප්‍රශ්න කළ අතර, ඒසමගම මෙම තත්ත්වය ඇති විය.

මේසම්බන්ධයෙන් අදහස් දක්වමින්අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ හම්බන්තොට කර්මාන්තපුරය අනවශ්‍ය නම් ඒබව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතු යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. එසේ කරන්නේනම් ඒපිළිබඳ සලකා බලන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles