Tuesday, September 24, 2024

වෛද්‍ය උපදෙස් මත අගමැති මහින්ද සියලුම උත්සව අවස්ථාවන්ට සහභාගී වීම අතහරී. තාත්තා වෙනුවෙන් නාමල් යයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කෙටි කාලයක් සඳහා සියලුම උත්සව වලින් ඉවත් වීමට සිදුවී තිබේ.ඒ මහතාට ලබා දී ඇති වෛද්‍ය උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත.ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ උත්සව රැසක් ඊයේ සහ අද දිනයේ පැවැත්වුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙනි.අග්‍රාමාත්‍යවරයා විසින් අත්සන් කිරීමට දින යොදා තිබූ මංගල උත්සවයකට ද අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සහභාගී වූයේ නාමල් රාජපක්ෂ මහතායි.අග්‍රාමාත්‍යවරයාට සැත්කම කොළඹ නවලෝක රෝහලේදී සැත්කමක් සිදුකර ඇති බවට මාධ්‍ය වාර්තා කරන ලද අතර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කළේය.නමුත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට ශල්‍යකර්මයක් සිදුකර ඇති බවයි.

විද්‍යුන් මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති අංශ ප්‍රධානියකුගේ පුත්‍රයකුගේ විවාහ ලියාපදිංචිය කිරීමට නියමිතව තිබුණේ අගමැතිගේ ප්‍රධානත්වයෙනි.එහෙත් අසනීප තත්ත්වය නිසා බ්‍රහස්පතින්දාට (27 වැනිදා) යෙදී තිබූ විවාහ මංගල්‍යය තුනකටම අගමැතිවරයා සහභාගි වූයේ නැත. ඒ වෛද්‍ය උපදෙස් මතය. එම විවාහ මංගල්‍යවලට සහභාගි වූයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ය.

රටට සෙත් පතා ආරක්ෂක අමාත්‍යාංශය සංවිධානය කළ පිරිත් පින්කමක් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ජනාධිපතිවරයාද ඊට එක් වුවද මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වය අවම විය. කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු පමණක් ඊට එක්ව සිටි අතර එක් රාජ්‍ය අමාත්‍යවරයෙක් පමණක් පැමිණ සිටීමද විශේෂත්වයකි. පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා වන සනත් නිශාන්ත ද කිතුනු භක්තිකයෙකි. මෙම පිරිත් පින්කම පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවැති විවාහයක් ලියාපදිංචි කිරීමේදීද සාකච්ඡාවට බඳුන් විය.

අරලියගහ මන්දරයේ පැවැති විවාහ ලියාපදිංචියේ දී හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පිරිත් පිංකම පිළිබඳ හඬ අවදි කළේය. “ජනාධිපතිතුමා පාන්දර පහටත් පිරිත් අහන්න ආවා. මැති ඇමැතිවරු ආවේ අඩුවෙන්.”ඔහු කීවේය.

එවිට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ‘‘මමත් එළිවෙනකම් පිරිත් ඇහුවා. මගේ ගෙදර තියෙන්නේ සම්මන්ත්‍රණ ශාලාව ළඟනේ’’ යැයි කීවේය.

අගමැති මහින්ද රාජපක්ෂ සහභාගි වීමට නියමිතව තිබූ තවත් මංගල්‍යයකට සහභාගි වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අනෙක් පාර්ශ්වයෙන් විවාහයට අත්සන් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැමිණෙන බව දැනගෙන නොසිටියේය. එහෙත් විවාහයට අත්සන් කර දෙදෙනා වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමද විශේෂත්වයකි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles