වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ධූරයෙනුත් ඉවතට

0
284

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කල වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර සාමාන්‍ය වෛද්‍ය නිලධාරීවරයෙක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමණාකරණ ඒකකයට අනුයුක්ත කර ඇතැයි වාර්තා වෙයි.

පසගිය කාල වකවානුවේ ඖෂධ වංචාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අක්‍රමිකතා පිලිබඳව ප්‍රභලව හඬ නැගූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉවත් කිරීම පිටුපස පවතින දේශපාලනය සම්බන්දව මේ වන විට වෛද්‍ය වෘත්තිකයන් රැසක් සිය විරෝධය පලකරමින් සිටින බවද සඳහන්.

පසුගිය දිනෙක මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර බොහෝ දුරට ඉදිරි දින කිහිපයේ සාමාන්‍ය වෛද්‍ය නිළධාරියෙකු ලෙස වැඩ භාරගැනීමට නියමිත බවත් වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here