වෛද්‍ය සිසුන්ගෙන් CIDයට පැමිණිල්ලක්

0
370

රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ සිරුරේ ඇතැම් කොටස් මාලඹේ – සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උප කුලපතිවරයා විසින් රැගෙන ගොස් ඇති බවට පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා  වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද රහස් පොලීසිය වෙත පැමිණිල්ලක් ගොනු කළේය.

කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර තමා යටතේ සේවය කළ කම්කරුවන් ලවා වසීම් තාජුඩීන්ගේ ශරීර කොටස් ඇතුලු කොටස් කිහිපයක් මාලඹේ සයිටම් ආයතනයට ගෙන ගිය බවට පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළිවිය.

අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහිදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇති අතර, ඔවුන් ලබාදුන් ප්‍රකාශවලට අනුව මෙම කරුණු අනාවරණ වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here