වෛරසයෙන් මියයන අයගේ දේහයන් භූමදානය කිරීමේ අයිතිය ඔවුන්ට හිමිවී නෑ

ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම

0
457

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අද සැසිවාරයේදී සාකච්ඡාවට ගැනීමටද නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය රටවල් 47 ක සහභාගිත්වයෙන් පසුගිය සඳුදා ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ඇරඹුණු අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර සමුළුව පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය.

ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය මෙරට කෝව්ඩ් මෘතදේහ භූමදානයට ඉඩ නොදීම පිළිබඳව ද එහිදී අදහස් පළකර තිබුණි.

ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් යූසුෆ් අල් ඔතයිමීන් සඳහන් කළේ, “ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයින් මුහුණ දෙන තත්ත්වය ගැන ලෝක ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය කණස්සල්ල පළ කරනවා. වෛරසයෙන් මියයන අයගේ දේහයන් භූමදානය කිරීමේ අයිතිය ඔවුන්ට හිමිවී නෑ. අපි ඉතා ඕනෑකමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා, මුස්ලිම් ජනතාවගේ භූමදානය කිරීමේ අයිතිය සහතික කිරීම සඳහා ඉතා ඉක්මන් පියවර ගන්නා ලෙස.”

මේ අතර යුද්ධය පැවති කාලසීමාවේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිදුකරන ලද ම්ලේච්ඡ ක්‍රියා කිහිපයක දර්ශන ඇතුළත් වාර්තා චිත්‍රපටයක් මෙරට ආරක්ෂක අංශ අද අන්තර්ජාලයට එක්කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here