Thursday, January 23, 2025

වොක්ස්වැගන් සමාගමෙන් චීනයට පියාඹන කාර්

යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා ලෙස සැලකෙන්නේ වොක්ස්වැගන් සමාගමයි. 

ඔවුන් ක්‍රමක්‍රමයෙන් චීන වෙළෙඳපොළ ආක්‍රමණය කර ඇති අතර මේ වනවිට එම සමාගමේ විශාලතම වෙළෙඳපොළ වන්නේ චීනයයි.

ඔවුන් ඒ අනුව විවිධාකාර නව නිෂ්පාදන කෙරෙහි ද අවධානය යොමු කරමින් සිටී. ඒ අතර, ගුවනේ යා හැකි මෝටර් රථ ද වේ. එවැනි මෝටර් රථ නිෂ්පාදනයට තවත් සමාගම් කිහිපයක් මීට පෙර උත්සහ කර තිබුණි. 

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පැවසුවේ, ඔවුන් මේ වන විට ශක්‍යතා පර්යේෂණයක් සිදුකර යෝග්‍ය හවුල්කරුවෙක් පිළිබඳව සොයාබලමින් සිටින බවය.

එම සමාගම විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය ඉහළ දැමීමට කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ. 

පසුගිය මස අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවති ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන ප්‍රදර්ශනයක දී විදුලියෙන් ක්‍රියාකරන “ගුවනේ යා හැකි” කුලී රථ නිපදවීමට සැලසුම් ඌබර් සහ හුන්ඩායි එළි දැක්වීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles