ශර්මිලා වෙනුවට සත්තුවත්තට අලුත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

0
643

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නියෝජ්‍ය වන සංරක්ෂක තිලක් ප්‍රේමකාන්ත පත්කර ඇත.

තිලක් ප්‍රේමකාන්ත මහතා අද (31) දෙහිවල ජාතික සත්වෝද්‍යානය ප්‍රධාන කාර්යාල පරීශ්‍රයේදිවනජීවි හා වනසම්පත් වන සංරක්ෂන අමාත්‍යාංශ ගරු ලේකම් සෝමරත්න විධානපතිරන මැතිතුමන් ඉදිරියේ රාජකාරි වැඩ භාරගත්තේය.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ෂර්මිලා රාජපක්ෂ එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ඉකුත් සඳුදා තීරණය කරන ලදි.

තිලක් ප්‍රේමකාන්ත මීට පෙර නුවරඑළිය සහ කුරුණෑගල දිසා වන නිලධාරී ලෙසද සේවය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here