ශෂී වීරවංශගේ පාස්පෝර්ට් නඩුවේ තීන්දුව කල් යයි

0
278

ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනාලබා සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව මැයි මස 6 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (11) නියෝග කළේය.

ඒ එම නඩුව කොළඹ මහාධිකරණයේ විභාගයට ගැනුණු අවස්ථාවේදීය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය ද අධිකරණය හමුවේ පෙනී සිටියාය.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් යහපාලන රජය සමයේ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here