Saturday, September 21, 2024

ශ්‍රිලනිප ආසන සංවිධායකයින් කොළඹට කැඳවයි – විශේෂ සාකච්ඡාවක් අද

විශේෂ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද(19) කොළඹට කැඳවා තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරු අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවත්වීමට නියමිතය.

කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡාව රාත්‍රී 7.00ට පමණ ආරම්භ වීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධූරය දරන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සාමාජිකයින්ට ද ආරාධනා කර තිබේ.

මෙම සාකච්ඡාවේ දී දැනට කතාබහක් මතුව ඇති වැට් සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරනු ඇති බව වාර්තා වෙයි.

වැට් සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කරන්නේ ද එසේත් නොමැති නම් විපක්ෂව ඡන්දය භාවිත කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ද වාර්තා වෙයි.

මීට අමතරව පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු මෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ සිදුකෙරෙන සම්මුඛ පරීක්ෂණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් හෙට(20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles