ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගොඩබිම් මෙහෙයුම් කටයුතු නව සමාගමකට…

0
465

ශ්‍රීලංකන් ගුවන් සේවයට වැඩි කොටස්‌ අයිතිය හිමි කරමින්, කටුනායක ගුවන් තොටුපළේ ගොඩබිම් මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා නව සමාගමක්‌ ආරම්භ කරන්නට රජය තීරණය කර ඇති බව වාර්තාවෙනවා. මෙහි ඉතිරි කොටස්‌ සිවිල් ගුවන් සේවා අධිකාරියට අයත්වෙනු ඇත.

කෙසේ නමුත්, මෙම නව ක්‍රියාවලියට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වෘත්තීය සමිති දැඩි විරෝධය පළකර ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවා සේවක සේවිකාවෝ, මේවන විටත් ශ්‍රීලංකන් ගුවන් සේවය කැබලි වලට නොකඩන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බලකෙරෙන පෙත්සමක්‌ සකසමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here