Thursday, December 26, 2024

ශ්‍රි ලංකාවේ පාරිසරික ගැටළු පිළිබඳ වාර්තාවක් අද යුරෝපා පාර්ලිමේන්තුවට..

සොභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් අද දිනයේ ලංකාවේ පාරිසරික ගැටළු පිළිබඳ වාර්තාවක් යුරෝපා පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් භාර දීමට නියමිතයි.

යුරෝපා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරියක වන මාරියා හර්බච් වෙත එම වාර්තාව ලබා දෙනු ඇත. සොභාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේ ඉතාලියේ ටොරිනොර් නගරයේදී මාරියා හර්බච් වෙත අද මෙම වාර්තාව භාර දෙන බවයි.

රවින්ද්‍ර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කරේ, මෙවැනි වාර්තාවක් ඉදිරියේදී ජිනීවා මානව හිමිකම් කොමිසම වෙතද ඉදිරිපත් කරන බවයි. අද භාර දෙන වාර්තාවේ, පොර්ට් සිටි ව්‍යාපෘතිය, පානම ඉඩම් අත්පත් කර ගැනීම සහ උමාඔය ව්‍යාපෘතිය මගින් ඇතිව ඇති බලපෑම් ඇතුලූ පාරිසරික ප‍්‍රශ්න ගණනාවක් ඇතුලත් බව සඳහන් වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles