ශ්‍රි ලංකා පොලිසියේ ප්‍රථම e-සේවාව ඇරඹෙයි

0
399
අන්තර්ජාල භාවිතය තුළ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම e-සේවාව අද (07) දින පොලිස් මුලස්ථානයේ දී සිදු විය.
1998 දී පොලිස් වෙබ් අඩවිය ආරම්භ කිරීමෙන් පසු මහජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය මඟින් ලබා දුන් මෙම සේවාව තුළින් ඉතා කාර්යක්ෂම සේවාවක් ලබා දීමට බලාපොරොත්තු වන අතර එයින් මහජන මුදල් ඉතිරි කර ගැනීමට හා පොදුවේ ඕනෑම අයෙක්ට පරිහරණය කිරිමට හැකියාව හිමි වී තිබේ.
මෙම පොලිස් නිෂ්කාශන වාර්තා අන්තර්ජාලය තුළින් නිකුත් කිරිමේ අවස්ථාව හිමි වීම තුළින් විදෙස්ගත ශ්‍රී ලාංකීකයන්ට මෙන්ම විදෙස්ගත වීමට සිටින ශ්‍රී ලාංකීකයන්ට බොහෝ පහසුවක් සිදුවන බව මෙම අවස්ථාවට සහභාගී වු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here