ශ්‍රීත ඍතුවේ සංචාරයට යන්න ලංකාව අංක එකට

0
734

ශ්‍රීත ඍතු සමයේ සංචාරයට සුදුසු සෞම්‍ය කාලගුණයක් සහිත රටවල් විස්ස අතරින් පළමු ස්ථානයේ ශ‍්‍රී ලංකාව පසුවන බව යූ එස් ඒ ටුඩේ වෙබ් අඩවිය සදහන් කරයි.

ස්වභාව සෞන්දර්ය මෙන්ම ශ‍්‍රි ලංකාවේ වනාන්තර කලාප හේතුවෙන් උණුසුම් සෞම්‍ය කාලගුණයක් පවතින බව එම වෙබ් අඩවියේ සඳහන් වෙයි. ඓතිහාසික මෙන්ම පාරිසරික වශයෙන් ආකර්ෂණිය ස්ථාන රැසක් පිහිටා ඇති අතර, සීගිරිය සහ දඹුල්ල යූ එස් ඒ ටුඩේ වෙබ් අඩවිය විශේෂයෙන් සදහන් කර ඇති ස්ථානවලට ඇතුළත්ය.

දෙසැම්බර් සහ පෙබරවාරි කාලසීමාව තුළ අධික හිමපතනය ඇතුළු ශ්‍රීත කාලගුණ තත්ත්වය හමුවේ යුරෝපය ඇතුළු රටවල් උණුසුම් කාලගුණයක් සහිත රටවල සංචාරයට පෙළඹෙයි. ශ‍්‍රි ලංකාව මෙලෙස පළමු ස්ථානයට පත්ව ඇත්තේ නවසීලන්තය, ඔස්ටෙ‍්‍රිලියාව, බ‍්‍රසීලය, මෙක්සිකෝව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ දකුණු අප‍්‍රිකාව ඇතුළු රටවල් අභිබවමින් වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here