Saturday, October 19, 2024

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අද වනවිට දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද පිළිගැනීමට ලක්වෙලා – අග්‍රාමාත්‍ය

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය දේශීය සහ අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමකට ලක්ව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි. එම විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණීක පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සහ නව පිවිසුම් සංකීර්ණය විවෘත කීරීමෙන් පසු පෙරේදා (10) පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. එහි මෙතෙක් පැවැති පීඨ නවයට අමතරව තාක්‍ෂණ පීඨයේ කටයුතු ඊයේ ආරම්භ කෙරිණ. එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කලේ රජය සෑම විටම අධ්‍යාපනයට විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි. කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය ඇති කිරීම ඉතා වැදගත් සන්ධිස්ථානයකි.  උපාධි පාඨමාලා සඳහා වාර්ෂිකව ඇතුළත් කරගන්නා සංඛ්‍යාව ඉහළයාමෙන් පැහැදිලි වන්නේ කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ සාර්ථකත්වය යැයිද අග්‍රාමාත්‍යවරයා කීවේය

එහි මෙතෙක් පැවති ආරක්ෂක, වෛද්‍ය, ඉංජිනේරු, නීතිය, සෞඛ්‍ය, කළමනාකරණය, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර, පරිගණක, පරිසර හා අවකාශ යන පීඨ 09 ට අමතරව තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු අද දින මෙසේ ආරම්භ විය.

අග්‍රාමාත්‍යතුමා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට පැමිණීම සහ තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සමාරම්භය සංකේතවත් කරමින් විශේෂ සමරු සටහනක් තැබූවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles