ශ්‍රීලනිප අභ්‍යන්තර අර්බුදය නිසා පක්ෂය තුනට කැඩෙන ලකුණු

0
368

ආණ්ඩුවෙන් ඉවත් නොවීමත් පක්‍ෂ නායකත්වය තරුණ නායකයකුට ලබා නොදීමත් හේතුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අභ්‍යන්තර අර්බුදය උග‍්‍රවී පක්‍ෂය කෑලි තුනකට කැඩී යැමේ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි එම පෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ගමන් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ගමන් කළ මාර්ගයේ බවත් ඔහුට අවශ්‍ය වී ඇත්තේ පක්‍ෂ සභාපති ධුරය තමන් සතුව දිගටම තබාගෙන ආණ්ඩුවට සහය දෙමින් තම පුතා පක්‍ෂ නායකත්වයට රැගෙන ඒම බවත් හෙතෙම සඳහන් කළේය.

මේ වන විටත් පක්‍ෂය තුනකට කැඩී ඇති බව සඳහන් කළ එම ප‍්‍රකාශකයා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සුළු පිරිසක් මැති ඇමැතිකම් සහ වරදාන වරප‍්‍රසාදවලට කෑදරව ආණ්ඩුවට සහය දීමටත් තවත් ප‍්‍රබලයන් පිරිසක් කුමාර වෙල්ගම මහතා සමග එක් වීමටත් තවත් පිරිසක් සමගි ජනබලවේගය සමග එක්වීමටත් සාකච්ඡා කරමින් සිටින බවද පැවසීය.

දිවයින ඉරිදා සංග්‍රහය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here