ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියද්දී මෛත්‍රී බෑ කියයි

0
270

වත්මන් ආණ්ඩුවෙන් ඉවත් යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායකවරුන් විසින් ඒකමතිකව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

එම පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ පැවති ආසන සංවිධායකවරුන් සහ කළමනාකරුගේ විශේෂ රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි.

වර්තමාන දේශපාලනයේ දී අර්බුදයේ දී ගත යුතු පියවර කුමක්දැයි පක්ෂ නායකයා කළ විමසීමට එම රැස්වීමට පැමිණ සිටි පන්සියයක් පමණ වන ආසන සංවිධායකයන් සහ කළමනාකරුවන් සියලු දෙනා පවසා ඇත්තේ වහා ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවයි.

කෙසේ වෙතත් මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී සඳහන් කර ඇත්තේ මෙය ආණ්ඩුවෙන් ඉවත් වීම උචිත අවස්ථාවක් නොවන බවත් අවශ්‍ය වේලාවේදී ඉවත් වෙන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here