Monday, January 27, 2025

ශ්‍රීලනිප වෘත්තීය සමිතියට ගුවන් තොටුපළ රියදුරාගේ පවුලේ අප්‍රසාදය

සිවිල් ගුවන් සේවා හා ගුවන්තොටුපළ සමාගමට අයත් WPZA5659 සහ  WPNA8804 යන අංක සහිත රථ දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගුවන්තොටුපළ වෘත්තීය සමිතියේ සභාපති වර්ණසිරි මොහන්දිරම් විසින් මහින්ද පිලේ පාගමන සඳහා යෙදවා තිබියදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමේදී අත්අඩංගුවට පත්ව සිටින රියදුරෙකු වන කෝකිල බණ්ඩාර මහතාගේ පුත්‍රයා ඊයේ (02) ගුවන්තොටුපළ ශ්‍රීලනිප වෘත්තීය සමිතියේ ජයසිංහ නැමැත්තාට පහරදීමට තැත් කර ඇතැයි වාර්තා වේ.

තම පියා අත්අඩංගුවට පත් වූ පසු අඩුම තරමේ තම නිවසට ඒ බව දැන්වීමට හෝ වෘත්තීය සමිතිනායකයන් කටයුතු කර නැතියද ඒ බව දැනගත්තේද මාධ්‍ය ඔස්සේ අදාළ පෘත්තිය පළ වීමෙන් පසුව යැයිද තම පියාට එසේ සිදු කරන්නේ ඇයිදැයි විමසීම සඳහා ඊයේ ගුවන්තොටුපළ පරිපාලන අංශය වෙත පැමිනි කෝකිල බණ්ඩාර මහතාගේ පුත්‍රයා ශ්‍රීලනිප වෘත්තීය සමිතියේ ප්‍රධානියෙකු වන ජයසිංහ නැමැත්තාගෙන් විමසා තිබේ. ඒ අවස්ථාවේදී ජයසිංහ මහතා අදාළ තරුණයාට ලිස්සා යන ආකාරයේ පිළිතුරු ලබා දී ඇති අතර ඉන් කෝපයට පත් එම තරුණයා ජයසිංහ මහතාට පහරදීමට තැත් කර තිබේ.

කෙසේ නමුත් ගුවන්තොටුපළ සේවකයන්ගේ මැදිහත්වීමෙන් ගැටුමක් හටගෙන නැත.

හෙට (04) දිනයේ මීට අදාළ නඩුව වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා ඇති අතර ශ්‍රීලනිප ගුවන් තොටුපළ වෘත්තීයසමිතියේ මොහන්දිරම් හිතවාදීන් පිරිසක් සහභාගීවීමට නියමිත බවද වාර්තා වේ.

මෙම රථ දෙක ලබා ගැනීමේදී ඉදිරිපත් කර ඇති තොරතුරු ව්‍යාජ තොරතුරු බව ගුවන් සමාගමේ සභාපති සමන් එදිරිසිංහ මහතා හා එහි විධ්‍යායක අධ්‍යක්ෂක යොහාන් ජයරත්න මහතා දැන සිටි ඇති බවත් අජරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව ඔවුන්ගෙන් ලබාගත් කටඋත්තරයෙන් ඒ බව අනාවරණය වී ඇති බවත් ගුවන්තොටුපළ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම රථ දෙක රැගෙනගොස් පසුගිය 29 වනදා හා 30වනදා මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂක උපදේශකයෙකු ඇතුළු ආරක්ෂකයින් කිහිපදෙනෙකුගේ අධීක්ෂණය යටතේ ධර්මසිරි සේනානායක ස්මාරකයට පුෂ්පොපහාර දැක්වීමේ පෙරහුරුවක්ද පවත්වා ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මහින්ද පිලේ පාගමන අතරතුරදී මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් අදාළ පුෂ්පොපහාර දැක්වීම සිදුකිරීමට නියමිත බවය.

ගුවන්තොටුපළට පාඩු ගෙනදෙමින් ශ්‍රී ලංකා හා එජාප වෘත්තීයසමිති විසින් පවත්වාගෙන යනු ලබන ආපානශාලා දෙකක් පිළිබඳවද අප මීට පෙර වාර්තා කළ අතර ඒ සම්බන්ධයෙන් නීතිමය ලෙස ගත හැකි කිසිඳු ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ගුවන් සමාගමේ වත්මන් සභාපති වරයා හෝ එහි විධ්‍යායක අධ්‍යක්ෂක වරයා කටයුතු නොකිරීමද මේ වනවිට ගුවන්තොටුපළ සේවකයන් අතර දැඩි කතාබහකට ලක්වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles