Saturday, September 21, 2024

ශ්‍රීලනිප සංවිධායකවරු 15 කට තනතුරු අහිමිවෙයි..

ශ්‍රීලංකා නිදහස්‌ පක්‍ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ඊයේ මාධ්‍යට පවසා ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායකයන් 15 දෙනකු සංවිධායක තනතුරුවලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තීරණය කර ඇති බවයි. “වැඩ නොකරන” ආසන සංවිධායකවරුන් තවදුරටත් පක්‍ෂයේ තබාගැනීමෙන් පක්‍ෂයට හෝ රටට කිසිම සෙතක්‌ අත්නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ, 2020 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට නම් කඩාවැටී ඇති ගම් මට්‌ටමේ සංවිධාන ශක්‌තිය නැවත ගොඩනැඟිය යුතු බවයි. ජනාධිපතිතුමා උපදෙස්‌ දී මේ සම්බන්දව පවසා ඇත්තේ, පුරප්පාඩු වන සංවිධායක තනතුරු සඳහා ජනප්‍රිය, පළපුරුදු, අත්දැකීම් ඇති ජනතාවට සමීප තරුණ දේශපාලනඥයන් පත්කරන ලෙසයි.

දිසානායක මහතා චෝදනා නගන්නේ, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායක තනතුරු යොදාගෙන මන්ත්‍රීකම දරන පිරිසක්‌ පාක්‍ෂිකයන් නොමඟ යෑවීමටත් පක්‍ෂය දෙකඩ කිරීමටත් කටයුතු කරමින් සිටින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles