ශ්‍රී පාද වන්දනා සමය දෙසැ: 03

0
679

2017 – ශ්‍රී පාද වන්දනා වාරය උදුවප් පුර පසළොස්වක පෝ දිනෙන් (දෙසැ.03) ආරම්භ ව 2018 මැයි මසට යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝ දින දක්වා පැවැත්වෙන බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති, අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ ප්‍රකාශ කළහ.

ඒ අනුව මෙවරද සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ ඵෙතිහාසික ශ්‍රී පාදස්ථානය (ගෞතම ශ්‍රී පාදස්ථානය) දක්වා වැඩම කරවීමේ රිය පෙරහැර උසස් අයුරින් සිදු කිරීම හා ශ්‍රී පාද වන්දනා සමය තුළ සැදහැවතුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද උන්වහන්සේ පැවසූහ.

දෙසැම්බර්  01දා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහ විහාරයේ දි පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් පසු 02දා අලුයම පිටත්වෙන රිය පෙරහැර නල්ලතන්නියට පැමිණීමෙන් අනතුරුව ගෞතම ශ්‍රී පාදස්ථානය දක්වා සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ වැඩම කරවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here