ශ්‍රී ලංකන් ගුවන් සේවය 07 වනදා කෝප් කමිටුව හමුවට කැඳවයි

0
428

ශ්‍රී ලංකන් ගුවන් සේවය එළඹෙන ඔක්තෝබර් 07 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සදහන් කරයි 

මේ අනුව සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම පසුගිය ජූලි 07 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී සිදු කරන ලද විමර්ශනයන්ට අදාලව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් කෝප් කමිටුව වෙත එවා ඇති වාර්තාවට අදාල කරුණු සාකච්ඡා කිරීමටද නියමිතය. ඒ සඳහා කමිටු සාමාජිකයන්ගේ විශේෂ රැස්වීමක් ලබන 05 වැනිදා පැවැත්වීමට නියමිත බවද සභාපතිවරයා පවසයි. 

එළඹෙන 6 වැනිදා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කෝප් කමිටුව හමුවට පැමිණීමට නියමිතව තිබේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here