ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40000 ක්

0
250

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිළදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාව විසින් ලබාදීමට නියමිතය. එම ණය මුදල සැකසෙන තුරු මෙරට ඉන්ධන අවශ්‍යතාවය සදහා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඉන්දියාව විසින් ලබාදීම අද දින (15) කොළඹ වරායේ දී සිදුවිය.

ස්වර්ණ පුෂ්ප නෞකාවෙන් රැගෙන ආ මෙම ඩීසල් තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා වෙත ලබාදුන් අතර වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද මේ සදහා එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here