ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට ස්මාර්ට් දුරකථන නිපදවන කර්මාන්ත ශාලාවක්

0
322

ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ නව යුගයක් සලකුණු කරමින් ඉතිහාසයේ ප්‍රථම වරට ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන නිපදවන කර්මාන්තශාලාවක් මෙරටදී ආරම්භ කර තිබෙනවා.

මෙහි නවතම නිෂ්පාදන හයිප්‍රො 2021 නමින් රුපියල් 30,000ක මිලකට දෙසැම්බර් මාසයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතයි.

මෙරට සහ දකුණු කොරියාවේ පෞද්ගලික සමාගම් දෙකක ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කළ අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගිය දා කොළඹදී සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන තාක්ෂණික ක්ෂේත්‍රෙය් නව යුගයක් මේ සමඟින් සනිටුහන් වනු ඇත.

දකුණු කොරියාවේ ලොඩිය්‍රල් ඉන්ටර්නැෂල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බියුන්ගෙහුල් කිම් මහතා සහ මෙරට හයිප්‍රෝ හෝල්ඩින්ස් සමාගමේ සභාපති ධම්මික සමරවික්‍රම මහතා විසින් මේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ හවුල්කරුවා ලෙස මේ සඳහා රුපියල් මිලියන 600 ක ආයෝජනයක් තම සමාගම සිදු කරන බව ධම්මික සමරවික්‍රම මහතා කීවේය.

ලබන වසර මැද භාගය වන විට මෙම දුරකතන අපනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ද නියමිතය.

කර්මාන්ත අමාත්‍ය ලේකම් ජනරාල් දයා රත්නායක මහතා මෙහිදී පැවසුවේ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තාක්ෂණික අවකාශය මීළඟ මට්ටමට ගෙනයාමට ඉවහල් වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here