Thursday, January 23, 2025

ශ්‍රී ලංකාවෙි යුද්ධය අවසන් කර වසර 12 ක් ගතවූවත් බලය බෙදා ගැනීමේ ස්ථිර යාන්ත්‍රණයක් සකසා නෑ – හිටපු ජනපති

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය අවසන් කර වසර 12 ක් ගතව ඇතත්, තවමත් බලය බෙදා ගැනීමේ ස්ථිර යාන්ත්‍රණයක් සකසා ගැනීමට අසමත්ව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ රටවල් 150 කට අධික සංඛ්‍යාවක නායකයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු විද්වතුන්ගේ සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ දී පැවැත්වෙන 2022 ලෝක සාම සමුළුව අමතමිනි.

ගැටුම් අවසානයේදී සාමය, සංහිදියාව, ප්‍රජාතන්ත්‍රීය පාලනය ආදිය උදාකර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කි මූන් මහතා ඉමහත් ප්‍රයත්නයක් යෙදුවත්, එම සංහිදියා යාන්ත්‍රණ ක්‍රියාත්මකවීමේදී පසුබෑමක් පෙන්වීම කණගාටුවක් බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කලා.

ඕනෑම ගැටුම් තත්වයකට පිළියම යුද්ධය නොවිය යුතු බවයි ඔහු අවධාරණය කලේ. එවන් අවස්තාවලදී අවශ්‍ය වන්නේ පාර්ශව අතර විශ්වනීයත්වය ගොඩනැගීම හා ආර්ථිකය නැවත ගොඩනැගීම බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වා දුන්නා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles