Saturday, September 21, 2024

ශ්‍රී ලංකාවේ කොවිඩ් අභියෝගය ජය ගැනීමට චීන රජයෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ  ආර්ථික අභියෝගය මෙන්ම කොවිඩ් අභියෝගය  ජය ගැනීමට චීන රජය උපරිමයෙන් ශක්තියක් වන බව චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා මෙරට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැවසීය. ඒ මහතා මේබව පවසා සිටියේ චීන පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ  දූත පිරිසක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අතර පෙරේදා (31) පැවති රාජ්‍ය තාන්ත්‍රික හමුවේදීය. 

චීනයේ තෙවැනි පුරවැසියා මෙන්ම චීන ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු සේ සැලකෙන එරට මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා, මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු උප සභාපති (නියෝජ්‍ය කථානායක) වූ වේහුවා මහතා, චීන මුදල් අමාත්‍ය ලියු කුන් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ දූත පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වූ මෙම හමුව කොවිඩ් වසංගත තත්ත්වය පැමිණි පසු චීන පාර්ලිමේන්තුව පැවැත්වූ පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාව වීම විශේෂත්වයකි.  

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම අවස්ථාවට ගරු කථානායකවරයාට අමතරව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තුවේ සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ , විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස්, තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ මහාචාර්ය රොහාන් ගුණරත්න යන මහත්වරු සහභාගී වූහ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles