ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය

0
685

ගත වූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිත කිසිදු මරණයක් වාර්තා වී නොමැති බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියායාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ ආසාදිතයින් 650 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 242 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 126 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් 42 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 35,386 දෙනෙකු බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මාධ්‍යස්ථානය පැවසුවේය.

තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 8,874 දෙනෙකි.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන 79ක් තුළ පුද්ගලයින් 7,961 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here