ශ්‍රී ලංකාවේ දේ මිලදී ගන්න එපා. ලංකාව විශ්වාස කළ නොහැකි රටක් ලෙස සලකන්න – චීන පොහොර සමාගම

0
346

ශ්‍රී ලංකාවේ දේ මිලදී නොගන්නා ලෙසත් අදහස් ශ්‍රී ලංකාවට සම්බාධක පනවන ලෙසත් චිනයේ සීවින් බයෝටෙක් සමාගම එරට බලධාරීන් ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

ශ‍්‍රි ලංකාව විසින් මෙරටට ගෙන කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කරමින් සමාගමේ කීර්තිනාමයට හානි කිරීම හේතුවෙන් ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වීමට මෙම ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

චීනයේ තවත් මහා පරිමාණ සමාගම සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාවට භාණ්ඩය එවීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගන්නා බවද ඔවුන් පවසා තිබේ.

මේ අතර ලෝකයේ සෙසු රටවලට ද මෙම සමාගම දන්වා ඇති ශ්‍රී ලංකාව විශ්වාස කළ නොහැකි රටක් ලෙස සලකන ලෙසයි.

කාබනික පොහොර පිළිබඳ ගනුදෙනුවේදී ශ්‍රී ලංකාවේ පිරිසක් තම සමාගමෙන් කොමිස් මුදල් ඉල්ලූ බවද එම සමාගමේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.

අදාල පොහොර තොගයේ අහිතකර බැක්ටීරියා තිබූ බවට ශ්‍රී ලංකාවේ කරන ලද පරීක්ෂණවලින් තහවුරු වූ නිසා ඒවා ප්‍රතික්ෂේප කරන ලදී.

නමුත් සිංගප්පූරුවේදී කළ පරීක්ෂණවලින් ඒවායේ අහිතකර බැක්ටීරියා නැතැයි හෙලි විය.

මෙම තත්ත්වය මත ශ්‍රී ලංකාව එම පොහොර තොගයට ඩොලර් මිලියන 6.7 ක වන්දියක් ගෙවීමට ද තීරණය කර තිබේ.

Lanka C News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here