ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සේවා සංවර්ධනය කිරීමට ඇමරිකාවේ සහාය

0
291

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික අංශ ප්‍රධානී සුසාන්.එෆ්.වෝක් මහත්මිය අතර හමුවක් ප්‍රවාහන අමාත්‍යාංශයේ දී ඊයේ (07) දින පෙරවරුවේ පැවැත්විණ .

මෙහිදී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය නැංවීම සහ ඒ සඳහා නව තාක්ෂණය උපයෝගී කරගැනීම පිළිබඳව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කරුණු ඉදිරිපත් කෙරිණි.

මේ පිළිබඳව කරුණු දැක්වූ ඇමෙරිකානු තානාපති කාර්‍යාලයේ අංශ ප්‍රධානී වොක් මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබාදිය හැකි උපරිම සහයක්ම ලබාදීමට ඇමරිකානු රජය කටයුතු කරන බවයි.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ වාණිජ නිලධාරී ලුවිස් .ජී .සලාස් සහ අමාත්‍යවරියගෙ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න යන මහත්වරුන් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here