Friday, January 10, 2025

“ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනය විශිෂ්ටයි” – ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල්


දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය බව ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රි ලංකා අධ්‍යක්ෂ ආචාර්ය චෙන් චෙන් මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේදී.

මෙම සාකච්ඡාවට ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙචි යොකොයමා මහතා ද එක්වුණා.

දිවයිනේ උතුර – දකුණ, නැගෙනහිර සහ බටහිර අධිවේගී මාර්ග ඔස්සේ සම්බන්ධ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැළසුම් කර ඇති බව එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කළා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ආරම්භ කළ ප්‍රමුඛතා මාර්ග වැඩසටහන සාර්ථක වී ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් පෙන්වා දුන්නේ.

මේ වන විට බංග්ලාදේශයේ සහ ඉන්දියාවේද ග්‍රාමීය මාර්ග සංවර්ධනය සදහා යොදා ගන්නේ එම ආකෘතිය බව ආචාර්ය චෙන් චෙන් මහතා මෙහිදී සඳහන් කළා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මෙන්ම පැල මිලියනයක් රෝපණය කිරීමේ ව්‍යෘපතිය සම්බන්ධයෙන් ද ආසියානු සංවර්ධන බැංකු නිලධාරීන්ගේ පැසසුම හිමි වුණා.

මහාමාර්ග අමාත්‍යාංශයේදී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokayama) මහතා සමග පැවති සාකච්ඡාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතා හා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ආචාර්‍ය චෙන් චෙන් මහතා ඇතුළු නියෝජිතයින් සහභාගී විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles