ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලියට වෙනත් ක්‍රියාමාර්ග සොයා බැලිය යුතුයි

0
885
මෙරට වගවීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කළ හැකි වෙනත් ක්‍රියාමාර්ග සොයා බැලිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළීබඳ මහ කොමසාරිස් සෙයිද් රාල් හුසේන් කුමරු පවසයි.
මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය වෙනුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු ගොණු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
මානව හිමිකම් කවුන්සිල්යේ 37 වන සැසිවාරය එළඹෙන සදුදා ආරම්භ වන අතර එය මාර්තු මස 23 වනදා දක්වා පැවැත්වේ.
මෙහිදී අදහස් දැක්වා ඇති මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ 2015 වසරේ ජනවාරි මස සිට මානව හිමිකම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරිම සඳහා ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය හා එක්ව වැඩකටයුතු කිරිම පිළීබඳ සිය කෘතඥතාව පල කරන බවයි.
එහෙත් ඇතැම් විශ්වාසය ගොඩනැගීමේ පියවරයන් ක්‍රියාත්මක කිරිමේදී පිහිටුවන ලද ව්‍යුහයන් ප්‍රමාණවත් නොවන බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම  ඒ සඳහා ප්‍රමාණවත් දේශපාලන සහයෝගයක් ලැබී නොමැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here