ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් ඉතියෝපියාවට

0
450

ඉතියෝපියාවේ සමාගම් වල සේවය කිරීම සඳහා පළපුරුදු වෘත්තිකයින් හෝ අර්ධ පළපුරුද්ද සහිත වෘත්තිකයින් ලබාදීමට  ශ්‍රී ලංකාවට හැකි බව ඉතියෝපියාවේ නිල සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අනාගතයේදී රටවල් දෙක අතර ද්විපාර්ෂික සහයෝගීතාවය සඳහා කෘෂිකර්මය, කෘෂී සැකසුම්, රෙදිපිළි කර්මාන්තය සහ විදුලි සන්දේශන ආදී අංශ යෝග්‍ය යයි ඉස්මතු වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අමාත්‍යවරයා ඉතියෝපියානු විදේශ අමාත්‍ය අචාර්ය වර්ක්නේ ජිබේයෙහු මහතා සමග ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වූ බවද සඳහන් වෙයි.

සමාන පසුබිමක් සහිත රටවල් දෙකක් අතර ද්විපාර්ශික සබඳතා පැවැත්වීමේ වැදගත්කම ජිබේයෙහු මහතා අවධාරණය කර තිබේ. වෙළෙඳ, ආයෝජන හා සංචාරක අංශ වැඩි දියුණූ කරගැනීමට ශ්‍රී ලංකාව හා ඉතියෝපියාව බලාපොරොත්තු වෙන බව ද එම ප්‍රකාශයේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here