Tuesday, September 24, 2024

ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රධාන විධායක නිලධාරී-ලිට්රෝ සභාපති අනිල් කොස්වත්තට

ලිට්රෝ ගෑස් ලංකා සමාගම් සභාපති / ප්‍රධාන විධායක නිලධාරි අනිල් කොස්වත්ත ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන සම්මේලනය (World HRD Congress) විසින් සංවිධානය කළ, 2020- ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මාන උළෙලේ “වසරේ ප්‍රධාන විධායක නිලධාරි” (CEO of the Year) ලෙස ජාත­්‍යන්තර සම්මාන­‍ෙයන් පිදුම් ලැබුවේය.

මෙම සම්මානය පිරිනැමීමේදී මානව සම්පත් වෘත්තිකයන් විසින් සකස් කරන ලද නිර්ණායකයන්ට අනුකුලව එම ක්ෂේත්‍රයේ විශේෂඥතාව සහ ශක්තීන් සැලකිල්ලට ගෙන ඇත. ලොව පිළිගත් විශාලතම මානව සම්පත් සම්මාන උළෙලක් වන මෙය නොකඩවා වසර 15ක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආයතන ප්‍රධානීන්, මානව සම්පත් ක්ෂේත්‍රය සඳහා දක්වන සුවිශේෂී නායකත්වය ලෙස ඇගයීමට ලක් කර ඇත.

දිවය‍ිෙන් ප්‍රමුඛ LPG සැපයුම්කරු ‍ෙලස ලිට්රෝ ගෑස් ශ්‍රී ලංකාවේ මිලියන 04 කට අධික ගෘහයන්හි මුළුතැන්ගෙයි කටයුතු සඳහා බලශක්තිය සපයන අතර විවිධ ෙමහෙයුම් සහ ව්‍යාපාරික ආයතන සඳහාද LPG සැපයීම සිදු කරනු ලබයි. COVID-19 වසංගත තත්වය තුළ ලිට්රෝ ගෑස් සේවක මණ්ඩලය දැක්වූ සුවිශේෂී කැපවීම ගෝලීය පිළිගැනීමට ලක්වූ අතර ඒ සඳහා අනුගමනය කළ සෞඛ්‍ය ක්‍රමවේද සඳහා ජාත්‍යන්තර Argus / WLPGA සම්මාන‍ෙයන්ද නොබෝදා පිදුම් ලැබුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles