Saturday, September 21, 2024

ශ්‍රී ලංකාව ඉන්ධන අර්බුදයක පසුවෙද්දී ගිලෙද්දී ඉම්රාන් ඛාන් පාකිස්තානයට දුන්නු දේ

මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල කිහිප වරක් ඉහළ දමා තිබේ. ඉහළ මිලක් ගෙවා වුව ද මිල දී ගැනීමට ඉන්ධන ප්‍රමාණවත් තරම් රට තුළ නැත‍.

ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නිර්මාණය වී ඇත්තේ, මෙරට පවතින ඉන්ධන අර්බුදයේ බරපතළකම කියා පාමිනි.

ඉන්ධන නොමැති හෙයින් මේ වන විට දිනකට පැය හත හමාරක විදුලි කප්පාදුවක් ද අත්විඳිමින් සිටිමු.

කෙසේ වෙතත්, දකුණු ආසියාවේ අපට හිතවත් රාජ්‍යයක් වන පකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශේෂ ට්විටර් පණිවුඩයක් පළ කර තිබේ.

FBR has successfully knocked down Feb revenue target of Rs. 441 billion, posting robust growth of 28.5 percent, and up to the month growth of over 30 percent. Because of this performance of FBR we are able to subsidise petrol, diesel and electricity and give relief to our people.

— Imran Khan (@ImranKhanPTI) March 2, 2022

ඉන් කියැවෙන්නේ, පකිස්ථානයේ ෆෙඩරල් ආදායම් මණ්ඩලය (Federal Board of Revenue) පෙබරවාරි මාසයේ ආදායම පකිස්ථාන රුපියල් බිලියන 441ක ඉලක්කය ඉක්මවා ගොස් ඇති බව ය.

ඔහු සඳහන් කර ඇත්තේ, රජය ලැබූ එම වාර්තාගත ආදායම මගින් පෙට්‍රල්, ඩීසල් සහ විදුලිය සඳහා පකිස්ථාන ජනතාවට සහනාධාර ලබා දෙන බව ය.

ඒ හරහා පකිස්තාන ජනතාවට සහනයක් සැලසීමට තමන් අපේක්ෂා කරන බව ඔහු පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles