Sunday, January 12, 2025

ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන කටයුතු වේගවත් කිරීමේ නව පනත් කෙටුම්පත අගෝස්තු 17දා පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාව තුල ඛනිජ තෙල් නිෂ්පාදන කටයුතු වේගවත් කිරීම සඳහා වන ඛනිජ තෙල් පනත් කෙටුම්පත ලබන 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 18 වනදා උපදේශක කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පත සැප්තැම්බර් මස මුලදී පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත බවත් බලශක්ති අමාත්‍යාංශය පවසා සිටී. 

ශ්‍රී ලංකාව තුල ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම, ඛනිජ තෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, නවීන ගවේෂණ, සංවර්ධන, නිෂ්පාදන සහ කළමනාකරණ පරිචයන් තුලින් ඛනිජ තෙල් සම්පත් වලින් උපරිම ආර්ථික වටිනාකමක් ලබා ගැනීම මෙම පනත් කෙටුම්පතේ අරමුණු වේ. 

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන් පසු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය අධිකාරියක් බවට පත්වන අතර, ඛනිජ තෙල් සම්පත් උපදේශක සභාව මෙන්ම, ජාතික තෙල් සහ ගෑස් සමාගම ද බිහිවනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles