ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා – සජිත්

0
305

කොරෝනා ව්‍යසනය හේතුවෙන් වෙනත් කිසිදු රටක් කඩා නොවැටුණු තරම් බංකොලොත් තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්වෙමින් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වාදෙන්නේ හිතුවක්කාරී, අදූරදර්ශී වගකීම් විරහිත පාලනය හේතුකොටගෙන රට එම බරපතළ තත්ත්වයට මුහුණ දී ඇති බවය.

ආණ්ඩුවේ ඇමතිවරුන් දිනපතා විහිළු සපයමින් සිටින බවත් රටේ උද්ගතව ඇති කිසිදු ප්‍රශ්නයකට ඔවුන්ට පිළිතුරක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාව මුහුණදී සිටින අභාග්‍ය සම්පන්න ඉරණමෙන් ඔවුන් ගලවාගැනීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු අතර එසේ නොවන්නේ නම් ජනතා අධිකරණයකදී ආණ්ඩුවේ ඉරණම තීන්දුවීම වැළැක්විය නොහැකි බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here