Sunday, September 22, 2024

ශ්‍රී ලංකාව රතු කලාපයෙන් කොළ කලාපයට

ශ්‍රී ලංකාව කොරෝනා රතු අවදානම් කලාපයෙන් කොළ කලාපයට පිවිස ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

කොරෝනා සැලකිය යුතු ලෙස පාලනයවූ රටවල් ඇතුළත් කෙරෙන්නේ කොළ කලාපයට යැයිද හෙතෙම සඳහන් කළේය.

ජනතාව පරිස්සම්කාරී ලෙස කටයුතු නොකළහොත් යළි රතු කලාපයට ඇතුළු විය හැකි බවත් කොළ කලාපය රැකගැනීම ජනතාවගෙන් යුතුකමක් බවත් අධ්‍යක්ෂවරයා පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් විසින් ශ්‍රී ලංකාව කොළ කලාපයට මෙලෙස නැවතත් ඇතුළත් කරනු ලැබ ඇතැයි පැවසූ හම්දානි මහතා දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව සහ කොරෝනා මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගෙන ඔවුන් එම තීරණයට පැමිණ ඇතැයිද කීවේය.

ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 600ත් 700ත් අතර සංඛ්‍යාවක් දක්වාද රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවද 175ක් දක්වාද පහත බැස ඇතැයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේ‍ය.

කොරෝනා තෙවැනි රැල්ල ආරම්භ වීමෙන් පසු රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 1100දක්වා ඉහළ ගිය බවද අන්වර් හම්දානි මහතා පැවැසීය.

මේ අතර දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවද 50 ට අඩු මට්ටමට පැමිණ ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ‍ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles