ශ්‍රී ලංකාව ලකුණු සටහනේ දෙවන ස්ථානයට

0
392

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරග 02 ක් අද පැවැත්වෙනවා.

පළමු තරගය පැවැත්වෙන්නේ පලවන කාණ්ඩය යටතේ බංග්ලාදේශය සහ එංගලන්ත කන්ඩායම අතරයි.

මේ වන විට පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ එංගලන්තයයි.

ඒ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගය ජය ගෙන ප්‍රසාද ලකුණු 02 ක් හිමිකරගනිමින්.

ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයෙන් පරාජයට පත්වූ බංග්ලාදේශ කන්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පස්වන ස්ථානයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව එම ලකුණු සටහනේ රැදී සිටින්නේ දෙවන ස්තානයේයි.

මේ අතර දෙවන කාණ්ඩය යටතේ නැමීබියාව සහ ස්කොට්ලන්තය අතර තරගයක් අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here