ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර යෝජනාවක් අවශ්‍යයි -සුමන්තිරන්(වීඩියෝ)

0
478

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ යෝජනාවක් සම්මත වියයුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ වගවීම සහ සංහිඳියාව සම්බන්ධයෙන් අදාළ යෝජනාව ඉදිරිපත් වනු ඇති බවය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම සඳහා යෝජනා ලබාගැනීම වෙනුවෙන් පත්කර ඇති විද්වත් කමිටුවට දෙමළ ජාතික සන්ධානයේ යෝජනා ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“බ්‍රිතාන්‍ය කියලා තියෙනවා රටවල් කිහිපයක් යෝජනාවක් ඉදිරිපත් කරනවා කියලා. ඒක මොනවගේ ද කියලා අපි තාම දන්නේ නෑ. නමුත් ශ්‍රී ලංකාව තුළ  වගවීම සහ සංහිඳියාව සම්බන්ධයෙන් තමයි මේ යෝජනාව සම්මත වෙලා තියෙන්නේ. ඒක දිහා බලලා ජාත්‍යන්තර මට්ටමේ යෝජනාවක් සම්මත වෙන්න ඕනේ කියන මතයේ අපි ඉන්නවා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here