ශ්‍රී ලාංකීය ලක් අඹර සුරැකීම තම වගකීම කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් වු සිය 66 වන සංවත්සරය 2017 මාර්තු 02 දින සැමරීමට කටයුතු සූදානම් කර ඇති අතර වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මැතිතුමන්ගේ නිසි මග පෙන්වීම සහ අධීක්ෂණය යටතේ මෙම සියලු කටයුතු සංවිධානය කරනු ලබයි.
ශ්‍රී ලංකාව තුල ගුවන් හමුදා ඉතිහාසයේ ආරමිභය වර්ෂ 1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදු විය. ඉන් අනතුරුව 1972 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට අභිමානයෙන් යුතුව පත්වන ලදි ලක්මව සුරකින්නට ..සුරකිමු ලකඹර..උදෘත පාඨය කර ගනිමින් පුරා වසර 66 ක් තම මෙහෙවර මවි බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ශ්‍රි ලංකා ගුවන් හමුදාවට හැකි විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වර්ථමානය වන විට භෞතික සමිපත්වලින් මෙන්ම මානව සමිපත් වලින් ද පරිපූර්ණ වී සිටින අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සැහැල්ලු ගුවන් යානයෙන් ඇරඹි ගුවන් ගමන අද වන විට ජෙට් යානා දක්වා දිර්ඝ ගමනක් පැමිණ අභිමානවත් සිය 66 වන සංවත්සරය සැමරිමට සුදානමිව සිටි.
එමෙන්ම 66 වසරක අභිමාණවත් හමුදාවක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලක් අඹර සුරකිමින් තම කාර්යයන් නිසි ලෙස ඉටුකරනවා සේම තම මාතෘ භූමියට සිදු වූ ස්වභාවික විපත්වලදී ද ජනතාවගේ සුභසාධන කටයුතු ඉටුකිරිම සදහා ද සුවිශේෂී දායකත්වයක් දක්වන ලදි. ජනතාවට ඔිනෑම ව්‍යසනයකදී, විපතකදි ඔවුන්ට ප්‍රථමයෙන් මතකයට නැගෙන්නේ ගුවන් හමුදාවයි. එවැනි මානසික තත්වයක් ජනතාව තුල ඇතිවීමට හේතුව වී ඇත්තේ ජනතාවගේ ඔිනෑම හදිසි අවස්ථාවදී ප්‍රථමයෙන්ම පිහිටට යනු ලබන්නේ ගුවන් හමුදාව බැවිණි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපිරිමිත කැපකිරීම් කරමින් අසරණ තත්වයට පත්වූ ජනතාව වෙත ආහාර පාන ලබා දීම සෞඛ්‍ය කටයුතු සිදු කරදීම වැනි ක්‍රියාවන්හි නිරත වූ අතර එසේම ශ්‍රී ලංකාවට බලපෑ ගංවතුර තත්ත්ව වලදී මෙන්ම නායයෑම් සුළි සුලං වැනි ඕනෑම අවස්ථාවකදී ජනතාව සමග සිටිමින් ඔවුන් හට නිසි පිළිසරණයක් වෙමින් කටයුතු කරන ලදි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 66 වසර ක් සපිරීම නිමිත්තෙන් 2017 මාර්තු මස 03 වන දින සිට 05 වන දින දක්වා රත්මලාන මුලික ගුවන් හමුදා කඳවුරේදි ගුවන් හමුදා ප්‍රදර්ශනයක් හා සැණකෙලියක් පැවැත්වීමට නියමිත අතර මෙම සැණකෙලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු හැකියාවන් සහ දක්ෂතාවයන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් වන ආකාරය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති අතර ගුවන් හමුදාවේ කාර්යභාරය සහ ගුවන් හමුදාව සතු සම්පත් ප්‍රදර්ශනය කිරීමටද සැලසුම් කර ඇත.
මීට අමතරව මහජනතාව වෙනුවෙන් හදිසි ආපදා තත්වයන්හීදී හා ස්වාභාවික ව්‍යසනයන්හිදී ගුවන් හමුදාව ක්‍රියා කර ඇති ආකාරය මෙන්ම එම සේවාවන් අන්තර් ජාතික වශයෙන් සිදු කරන ආකාරය නිදර්ශනාත්මකව පෙන්වීමටද කටයුතු සංවිධානය කර ඇත.
ප්‍රදර්ශනය හා සැණකෙලිය තුලින් ගුවන්යානා සංදර්ශන හා ගුවන් කරනම්ල පැරෂුට් සංදර්ශන රෙජිමේන්තු විශේෂ බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන් සංදර්ශනල ගුවන් සුනඛ සංදර්ශනල තූර්ය වාදන හා සරඹ සංදර්ශන සංස්කෘතික හා සංගීතමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට නියමිත වේ. මෙම සංදර්ශනය සහ සැණකෙලිය දෛනිකව පස්වරු 02.30 ට ආරම්භ කරන අතර එය රාත්‍රි 1100 දක්වා පැවැත්වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත්වු ගුවන් හමුදාධිපතිවරුවන් 16 දෙනෙකුගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ වසර 66 ක් ශ්‍රී ලාංකීය ලක් අඹර සුරැකිමින් තම මෙහෙවර මවි බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කල අතර ඉදිරියටත් මාතෘ භූමිය වෙනුවෙන් තම මෙහෙවර ඉටු කරන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිරතුරු සූදානමින්