ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පක්ෂ සන්ධානයෙන් ගැලවෙයිද?

0
667

රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන තීන්දුවක් පිළිබඳව පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ඊයේ(31) මහනුවරදී මාධ්‍යට අදහස් පළ කළේය.

”අපි නැවත වතාවක් පොදුජන එක්සත් පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානෙන් නැවත සක්‍රීය කිරීමට ලංකාවේ සියලුම වාමවාදි දේශප්‍රේමි ජාතිකවාදි පක්ෂ හා වෙනත් පාර්ලිමේන්තුවේ ඉන්න පිටත ඉන්න ප්‍රගතිශිලි පක්ෂ එක්ක එකතු වී සන්ධානය ගොඩ නැගීම සඳහා වූ තීරණයක් පසුගිය මධ්‍යමකාරක සභාවේදී ගනු ලැබුවා. ඒ අනුව ඉදිරියේදී ඒ කටයුතු අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ මගින් මේ රටේ වඩාත් පුළුල් වාමවාදි ප්‍රගතිශිලි ජාතික වාදි පෙරමුණ ගොඩනැගීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ පැවතුන සන්ධානය යළි සක්‍රිය කිරීම තමයි මේයින් බලාපොරොත්තු වෙන්නේ.”

ප්‍රශ්නය
ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක තිබුණ සන්ධානයෙන් ඉවත් වීමක් ?

”ඉවත් වීමක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒක සන්ධානයක් විදිහට අත්සන් කළාට ඒක සක්‍රීයව රැස්වෙලා නෑනේ. මහා ජන්දයෙන් පස්සේ එකම රැස්වීමක්වත් ඒ සහෝදර පක්ෂ එක්ක රැස් වෙලා නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here