Saturday, January 11, 2025

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීතොටමුල්ල කුණු කන්ද වගේ

1956 ඉඳන් ශ්‍රීලනිපයත් එක්ක ගිය හැම පක්ෂයක්ම විනාශ වුණා පොහොට්ටුවත් විනාශ වෙන්න කලින් තීන්දුවක් ගන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරැන් ඉල්ලා සිටී.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඒකරාශි වූ සියලු සුළු පක්ෂ විනාශ භාවයට පත් වෙමින් තිබෙන ඉතිහාසයක් ඇති පක්ෂයක් බවත්  එම පක්ෂයෙන් ඉතා පරිසම් විය යුතු බව  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 06 දින පැවසීය

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  වර්තමාන නායක  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජනතා  විමුක්ති පෙරමුණ වර්තමාන රජයට නගන චෝදනා සම්බන්ධයෙන්  මාධ්‍යවේදීන්  මන්ත්‍රීවරයාගෙන් විමසීම් මේ බව සඳහන් කළේය.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කරන අවස්ථාවේදීවේදී ටී .බී. තෙන්නකෝන් මාතා ඇතුළු කණ්ඩායම සිටි බවත් එම් පක්ෂය  නිර්මාණයය කළ පවුලක  පිරිස හැටියිට වර්තමාන තත්ත්වය කෙසේදැයි  අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ගෙන් මාධ්‍යවේදීන් විමසීමේ දී ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට දැඩි ලෙස දෝෂාරෝපණය ලක්  කිරීම විශේෂත්වයකි.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරලා  පලක් නොමැති   බවත් එය මීතොටමුල්ල කුණු කන්ද මෙන් තත්ත්වයට පත්ව ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ මහතා සදහන් කර සිටියේ 1956 ශ්‍රීලනිපය සමග එක්ව ආණ්ඩු කළ මහජන එක්සත් පෙරමුණේ සිට 2015 යහපාලන ආණ්ඩුවේ සිටි එක්සත් ජාතික පක්ෂය දක්වා මෙම තත්ත්වය පොදුවේ දැකගන්නට ලැබුණු බවකි.

ඉන් අනතුරුව 2004 ශ්‍රීලනිපය සමග ආණ්ඩු පිහිටවූ ජනතා විමුක්ති පෙරමුණ අද ආසන 3ට බැස විනාශ වූ බව පෙන්වා දුන් තෙන්නකෝන් මහතා 2015 ශ්‍රීලනිපය සමග සන්ධානගත වූ ලංකාවේ විශාලතම තනි පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය ආසන 1ට බැස විනාශ වී ගිය බවත් ප්‍රකාශ කර සිටියේය.

එම නිසා පොහොට්ටුවද මෙම තත්ත්වය වටහාගත යුතු බව කී ඒ මහතා සියලු පක්ෂ විනාශ කළ ශ්‍රීලංකා නිදහස් පක්ෂය සමග තවදුරටත් සන්ධානගතව සිටින්නේද යන්න පිළිබදව ගැඹුරින් විමසා බැලිය යුතු බවද කියා සිටියේය.

මීට අමතරව යම් පක්ෂයක් ඉදිරියේදී ශ්‍රීලනිපය හා එක්වන්නේ නම් එම පක්ෂය විනාශ වී යාම නොවැළැක්විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

” ජනතාව විමුක්ති පෙරමුණ මේ දවස් වල පොඩ්ඩක් චූන් වෙලා ඉන්නවා වගේ පේනවා මේ දවස් වල ,දේශපාලනඥයෝ කලකිරුණු  වෙලාවට  කියන කතාවක් තමයි ඉල්ලා අස් වෙනවා කියලා ,හැබැයි ඉල්ලා අස්වුනු කෙනෙක්  නැහැ.”

ගෙවල්වලත් පොඩි ප්‍රශ්නයක් ඇති උනහම දාලා යනවා කියනවා දක් කසාද වෙනවා කියනවා .හැබැයි දික්කසාද වෙන්නේ කීයෙන් කි දෙනාද ඉතා අඩු ප්‍රමාණයක් .

රටේත් තියන වසංගතය ගෝලීය වසංගතයක් එක්ක සමහරු ජනතා  විමුක්ති පෙරමුණට ඡන්දය දෙනවා කියලා කියනවා ඇති. හැබැයි මතක තියාගන්න ඡන්ද පෙට්ටිය ඇරලා බැලුවහම ඡන්ද වානා ඡන්ද ඉල්ලෙ .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්තුවෙච්ච සියලු පක්ෂ විනාශ කලා . 70 දශකයේ ආණ්ඩුවක්  හදන්න වමේ  පක්ෂ එක්තු උනා ඊට පස්සේ ඒ පක්ෂ සියල්ල විනාශ වුණා.

රටේ පැරණිම පක්ෂය එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟග එකතු වුණා. අවුරුදු කීයද ගියේ එක්සත් ජාතික පක්ෂය නැතිවෙලාම ගියා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්න ඒ වගේ පක්ෂයක්, අපි ප්‍රවේශම් විය යුතුයි මේ අය  මෙතන ඉන්නකම්.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles