ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වෙයි.

0
304

ශ්‍රී ලංකාව බිහිකළ පළමු ටෙස්ට් නායකයා වීමේ භාග්‍යය ලැබූ බන්දුල වර්ණපුර මහතා (68) අභාවප්‍රාප්ත වී ඇත. අවාසනාවන්ත දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරය නිසා ක්‍රිකට් දිවිය අහිමි වූ ඒ මහතා මිය යන තුරුම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ කටයුතු වල නිරත විය.

පාදයේ තිබූ තුවාලයකට ප්‍රතිකාර නොකිරීම නිසා, පැවැති දියවැඩියා තත්ත්වය හේතුවෙන් එතුමාගේ පාදයක් ඉවත් කිරීමට පසුගිය දිනෙක ශල්‍යකර්මය සිදුකර ඇත.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඒ මහතා ක්‍රිකට් පුහුණුකරුවෙක්, ක්‍රිකට් කළමනාකරු, ICC විධායක නිලධාරී සහ විශේෂඥ විස්තර විචාරකයෙක් ලෙසද කටයුතු කර ඇත.

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන ඒ මහතාගේ දේහය පිළිබඳ කටයුතු පසුව දැනුමේදෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here