Friday, September 20, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි ජාතික මහා සම්මේලනය ලබන 2 දා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි ජාතික මහා සම්මේලනය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නොවැම්බර් 2 දා උත්කර්ෂවත් ලෙස සැමරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ, නෙළුම් මාවතේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි ජාතික මහා සම්මේලනය නොවැම්බර් මාසයේ දෙවැනි දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිතයි.

සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් අපේ පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධානයෙන් මෙම සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබෙන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles