ශ්‍රී ලංකා විදුහල්පති සේවය – ගුරු උපදේශක සේවය සංවෘත සේවා කරමින් අති විශේෂ ගැසට් නිවෙිදනයක් නිකුත් කෙරේ

0
358

ශ්‍රී ලංකා විදුහල්පති සේවය – ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවා බවට පත් කර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිසමේ එකගතාවය මත එය නිකුත් කර ඇති අතර පසුගිය අගෝස්තු 30 වනදා සිට බලාත්මක වනු ඇත.

උසස් කිරීම් – පත් කිරීම් – විනය – ස්ථාන මාරු හා අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවා සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියටත් බල පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ.

එක් එක් සේවාවට අනන්‍ය වූ විශේෂිත වැටුප් ව්‍යුහයන් පිළිබඳ අදාළ බළධාරීන් විමසා සුදුසු පරිදි සංශෝධනය කර ගත යුතු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here