ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොවිඩ් පොකුරට හේතු වූ පුද්ගලයා 40 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු බව අනාවරණ කරගෙන ඇත. ශ්‍රී ලංකාවේ සිට එරටට පැමිණි සංචාරකයෙකු වන ඔහු මෙහි නිර්මාතෘවරයා බව එරට බලධාරීහු පවසති.
මෙල්බර්න්නුවර මේ වන විට අගුලු දමා ඇති අතර එය ඉදිරි දින කිහිපය තුළ නිදහස් වනු ඇත. මේ වන විට එම රෝගියාද ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.