ශ්‍රී ලාංකිකයෝ පැරිසියේදී විරෝධතාවක

0
698

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනාවලට විරෝධය පළ කරමින් ප්‍රංසයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පැරිස් නුවරදී විරෝධතාවක නිරතව තිබේ.

මේ විරෝධතාවට එක් වූ ශ්‍රී ලාංකිකයන් එහිදී සඳහන් කළේ ප්‍රංශයේ ඇතුළු ලොව පුරා සිටින එල්ටීටීඊ හිතවාදීන් යුද අපරාධ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාවට එල්ල කරන චෝදනාවලට විරෝධය පළ කරමින් යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉදිරි දිනවලදී තවත් විරෝධතා සංවිධාන කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසි වාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ලබන 22 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here