Saturday, January 25, 2025

ශ්‍රී ලාංකික මගියාගේ ගුද මාර්ගයේ රත්තරන් බිස්කට් 14ක්

ශ්‍රී ලංකිකයකුගේ උදරයේ තිබුණු රත්තරන් බිස්කට් 14ක්  ඉන්දියාවේ රෝහලක වෛද්‍යවරු විසින් ඉවත් කර ඇත. මෙම රත්තරන් බිස්කට්  ග්‍රෑම් 100 සහ 150 බරවලින් යුක්ත වේ.

විශාකාපට්නම් ගුවන් තොටුපළේ බලධාරීන් විසින් පසු ගිය ඉරිදා මෙම ගුවන් මගියා රඳවාගෙන ඇත්තේ ඔහුගේ ගුද මාර්ගයේ තිබී රත්තරන් බිස්කට් දෙකක් හමු වීමත් සමගය.

ඉරිදා උදෑසන ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඉන්දියාවට පැමිණි මෙම මගියා ගේ අස්වාභාවික ඇවිදීම් විලාශය හේතුවෙන්  මොහු ගුවන් තොටුපළ බලධාරීන්ගේ අවධානයට ලක් වී ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්ථා කරන පරිදි මෙම මගියා බොහෝම අපහසුවෙන් ඇවිදිමින් රේගු පරීක්ෂාවට බඩු බාහිරාදිය නොමැති මගීන් පිටවන පර්යන්තයෙන් කලබලයෙන් පිටත් වී යාමට උත්සහා දරා ඇත.

මේ කලබලයට හේතු වී තිබුණේ ඒ වනවිටත් ඔහු පොලිතින් වලින් ආවරනය කරන ලද රත්තරන් බිස්කට් තොගයක් ගිල සිටීමයි.

මාධ්‍ය වාර්ථා කරන පරිදි ගුවන් තොටුපළ බලධාරීන් එක වරම සැක කර ඇත්තේ ඔහු කොකේන් සඟවාගෙන යාමට තැත් කරන බවටය.

සැකකාර මගියා විසාග් හි  කිං ජෝර්ජ් රෝහලට යොමු කර එක්ස් කිරණ පරීක්ෂාවකට භාජනය කිරීමෙන් අනතුරුව ඔහුගේ උදරයේ රත්තරන් බිස්කට් 14ක්  ඇති බව අනාවරණය වී ඇත. කෙසේ වෙතත් රෝහල් වෛද්‍යවරු කිසිදු සැත්කමක් නොකර ස්වාභාවිකව මෙම රත්තරන් බිස්කට් එළියට ගැනීමට කටයුතු කර ඇත.

54 වැනි වියේ පසුවන ජාවාරම් කරු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ බැවින් රෝහල විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකරු රේගු බලධාරීන්ට භාර දී ඇත.

පසු ගිය මාසයේ දීද  කිලෝ ග්‍රෑම් එකක් පමණ බරින් යුක්ත රත්තරන් තොගයක්  ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාව බලා යාමට පැමිණි ශ්‍රී ලංකික ජාවාරම් කරුවකු කටුනායක තොටුපළ බලධාරීන්  විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles